වනජීවී නිලධාරීන් හැසිරුනේ පිස්සු බල්ලෝ වගේ! ඇමැති විමලවීර ආවේ සාධාරණ ගැටළුවක් විසඳන්න! – රොෂාන් රණසිංහ

November 27, 2020 at 2:48 pm | by emanisa.lk

වනජීවී නිලධාරීන්ට ලක්ෂ පහක් අතට දුන් විට සෝමාවතියේ වැලි පැටවීමට ඉඩ ලබා දෙන බවත් එය රජයට යම් ආදායමක් ලැබෙන ආකාරයට සිදුකිරීමට උත්සාහ කරන විට පරිසර හානිය සිහිපත් වන බවත් ඇමැති රොෂාන් රණසිංහ චෝදනා කරයි.

කිරි හරක් ගොවීන්ට සිය ගව පට්ටිවලට තණ කැවීමට තෘණ භූමි ප්‍රමාණයක් වෙන් කළ යුතු බවත් එසේ නොකර ඒ ජනතාව පන්නා දැමීම හෝ දඩ ගැසීම විකල්පය නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

කාලයක් තිස්සේ වගා කළ කුඹුරු සම්බන්ධ ගැටළුවලට විසඳුම් ලබා දීමට විමලවීර දිසානායක ඇමැතිවරයා පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන් කිහිප දෙනෙකු පිස්සු බල්ලන් ලෙස හැසිරීම තමා හෙළා දකින බව ද ඔහු සඳහන් කළේ ය.

පොළොන්නරුව දිස්ත්‍රික් මහා සංඝ රත්නය ද වනජීවී නිලධාරීන් තමන්ගේ මහවැලි ගම්මාන වෙත වැටී ඇති මාර්ග වසා දමා හිරිහැර කරන බව පවසමින් එම නිලධාරීන්ගේ ක්‍රියාදාමය හෙළා දුටුවහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *