ජාතික වනෝද්‍යානේ ගවයින්ට තණ කවන්න ඉඩ දෙනු! – විමලවීරගේ නියෝගයට නිලධාරීන් එරෙහි වෙයි…

November 26, 2020 at 10:38 pm | by emanisa.lk

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පොළොන්නරුව ජලගැළුම් ජාතික උද්‍යානයේ කිරි ගවයින්ට තණ කැවීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා වනජීවී නිලධාරීන් සහ ඇමැතිවරයා අතර ඊයේ (23) උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක කිරි ගවයින්ට තණ කැවීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

ඇමැතිවරයා වනජීවී නිලධාරීන් කැඳවා මෙම ගැටළුව නිරාකරණයට උත්සාහ කිරීමේ දී දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක් සිදුවිය.

වනජීවී නිලධාරීන් පවසන්නේ ජාතික වනෝද්‍යානයක හරකුන්ටට තණ කැවීම සඳහා ඉඩ ලබාදිය නොහැකි බවය. එසේ ම ගව පට්ටි හිමියන් තුවක්කු දෙක තුන රැගෙන වනයට පිවිසෙන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස