කැලෑ කපලා පදිංචි කළේ නාමල්ගම සිංහලයෝ! මුස්ලිම් අය පදිංචි කරන්න එක ගහක් කැපුවේ නෑ! අපි ශ්‍රෙෂ්ඨාධිකරණයට යනවා! – බදියුදීන්

November 22, 2020 at 8:27 am | by emanisa.lk

මොනරාගල හම්බන්තොට ජීවත් වූ සිංහල ජනතාව 5000ක් පමණ නාමල්ගම, කලාබෝගස්වැව ආදී උතුරේ ගම්මානවල නැවත පදිංචි කිරීම් යටතේ පදිංචි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් පවසයි.

මෙම පදිංචි කිරීම්වල දී එම ප්‍රදේශවල ගස් ද කැපුණ ද කිසිවෙකු ඒ පිළිබඳ කතා නොකරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

සියලු දෙනා ම විල්පත්තු කල්ලාරු ගස් කැපීමක් පිළිබඳ කතා කළ ද සැබවින් ම එහි ගස් කැපීමක් සිදු වී නොමැති බව බදියුදීන් අවධාරණය කළේ ය.

කල්ලාරු වනය නැවත වවවන්නැයි අභියාචනාධිකරණයෙන් ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. අභියාචනාධිකරණ තීන්දුව ලබා දුන් විනිසුරු දෙපළ ඉදිරියේ ම මෙම ප්‍රකාශය සිදුකිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස