කැලය සමග බැඳුණු සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා එපා! කිතුලක් මදින්න කැලේට යන ජනතාවට නඩු දාන්න එපා! – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්…

December 19, 2020 at 8:02 am | by emanisa.lk

කිතුල් මැදීම ඇදීම ඇතුළු සාම්ප්‍රදායික ජීවන මාර්ග බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගම සමග පිළිසඳර සඳහා වැඩසටහන සඳහා බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට ඊයේ (18) පැමිණි අවස්ථාවේ ය.

කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිතුමා නියෝ0000000ග කළේය.

ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය.

ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දීර්ඝකාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටළු හඳුනාගෙන කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස