කැම්පස් භික්ෂූන් 06ක් සිවුරු ඇරලා ක්ලබ් ගිහින්..! හොඳට ම සූර් වී මහ රෑ පොලිස් අත්අඩංගුවට…!

January 30, 2023 at 12:15 pm | by emanisa.lk

සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධික ලෙස බීමතින් මහනුවර නගරයේ සිටිය දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

අද (30) අලුයම 01.00ට පමණ නගරයේ සිදු කළ සෝදිසියක දී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කොට තිබේ.

එහි දී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර එක් අයකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන බව ද ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී තිබේ.

ඔවුන් මහනුවර නගරයේ මත්පැන්හලකින් මත්පැන් පානය කොට ඇති අතර ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරන තෙක් රඳවා තබා අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *