කාබනික පොහොර මහ වැස්සට සේදි යයි..! ආණ්ඩුව රසායනික පොහොර බෙදන්න සූදානම්..!

November 14, 2021 at 8:20 pm | by emanisa.lk

පසුගිය දිනවල ඇද හැළුණු මහා වැස්සෙන් කාබනික පොහොර සේදී ගිය වගාවන් සඳහා රසායනික පොහොර ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා තවමත් රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර තොග භාවිත කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පසුගිය දිනවල ඇදහැළුණු මහා වර්ෂාවෙන්, නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල එළවළු සහ පළතුරු ගොවියන් ඔවුන්ගේ ගොවිබිම්වලට භාවිත කළ කාබනික පොහොර සේදී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ ද මේ තත්ත්වය පිළිගෙන තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

හදිසි පියවර නොගතහොත්, එළවළු මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බවට කෘෂිකර්ම අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

පොහොර ආනයනය කරන සමාගම් සතුව ඇති රසායනික පොහොර සහ කෘෂි රසායන තොග පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *