රටට ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමයි…! – ඇමැති චමල්…

October 13, 2021 at 4:52 pm | by emanisa.lk

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ඒ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට එක් වෙමිනි.

කාබනික ගොවිතැන සඳහා ගොවීන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් නිවැරදිව දැනුම්වත් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *