ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳටම අපලයි! කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට!

July 5, 2020 at 10:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද අලුයම පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ එම රිය අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අද අලුයම 5.00 ට පමණ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කුසල් මෙන්ඩිස් පැදවු රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

ඒ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් බීමතින් සිටියාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස