කළු ගිං නිල්වලා ජල මට්ටම් වේගයෙන් ඉහළට…! කොවිඩ් මැද ගං වතුර අවදානම් අනතුරු ඇඟවෙයි….!

May 14, 2021 at 12:21 am | by emanisa.lk

දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින හෙයින් ගංගා අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

මේ අතර අද (13) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී. 200 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය සහ යාබද ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම ඊට හේතුව බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ විශේෂයෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි ය.

අද උදෑසන 8.30 සිට ප.ව 4.30 දක්වා වු කාලය තුළ මි.මී 190ක වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *