කලර් ලයිට් යාචකයින්ට මුදල් දෙන රියදුරන්ට දඩ…!

May 1, 2024 at 10:40 am | by emanisa.lk

කොළඹ නගරය ඇතුළු රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් වාහනවලට තට්ටු කරමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන සහ මාර්ග ආරක්‍ෂාව) ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඒ සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් ද ආලෝක සංඥා ආසන්නයේ රඳවන බවත් ඒ මහතා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එසේම, වාහන රියැදුරන් විසින් හෝ වාහනයේ ගමන් කරන්නන් විසින් හෝ යාචකයන්ට මුදල් ලබාදීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දඩ මුදලක් නියම කරන බවට ද පොලිසිය අනතුරු අඟවයි.

රියැදුරන් යාචකයන්ට මුදල් ලබා නොදෙන්නේ නම් ඔවුන් ආලෝක සංඥා පුවරු අසල රැඳී නොසිටින බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

පසුගිය සතියේ ආලෝක සංඥා පුවරු අසල රැඳී සිටිමින් සිඟමනේ යෙදුණු යාචකයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *