කන්දකාඩු මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය ආශ්‍රීතව මේ වන විට කොරෝනා ආසාදිතයන් 519ක් වාර්තා වී තිබේ.
ඒ අතර රැඳවියන් 440ක්, රාජාංගණෙන් ආසාදිතයන් 16ක් සහ කාර්යමණ්ඩලයේ 63ක් සිටිති.
මේ පොකුර හා සම්බන්ධිත 800ක් පමණ දැනට නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් ආසාදිතයන් මතුවිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.