කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රී එච්. එම්. අලි උසුමාන් ඔහුගේ සහෝදරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් තිබී ඇත. ඔවුන් දෙදෙනා අන්තවාදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට සිදුකෙරෙනු මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.