කටුනායක ගුවන්තොට සංවර්ධන ව්‍යාපෘතියට ගස් 219ක් ඉවත කරයි…!

June 20, 2021 at 5:24 pm | by emanisa.lk

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු සඳහා එම ප්‍රදේශයේ පවතින ගස් 219ක් ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණයට පියවර ගනිමින් තිබේ.

මෙලෙස අලුතින් ගුවන්තොටුපළට එකතු වන භූමියේ ගස් 419ක් ඇති අතර ඉන් 219ක් මෙලෙස වෙනත් ස්ථානයක නැවත රෝපණයට සැලසුම් කර තිබේ.

ඉතිරි ගස් 200 එම භූමියෙහි ම සංරක්ෂණයට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *