ලංකාවේ 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි! අවසන් කටයුතු අදම!

August 23, 2020 at 4:46 pm | by emanisa.lk

නව කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භුමියේ දී සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ඇයගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

අයි.ඩි.එච්. රෝහලේ දී ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම කාන්තාවගේ මරණය මෙරටින් වාර්තා වූ 12 වන කොරෝනා මරණය වේ.

කුරුණෑගල මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අදාළ කාන්තාව ඉන්දියාවේ සිට පසුගිය 20 වැනි දා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට එදිනම තහවුරු වීම හේතුවෙන් ඊයේ දිනයේ ඇය අයි.ඩි.එච්.රෝහල වෙත යොමුකර තිබු බව වාර්තා වේ.

මීට මාස 06කට පෙර පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට ගොස් ඇති මෙම කාන්තාව දියවැඩියා රෝගය සඳහා ද ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින අතර ඔහුට අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇති බව යුද හමුදාව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස