දොඩන්දූව පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය ඕලන්දේ ජිනවංස හිමියන්ගේ හදිසි අභාවය සිය දිවි නසා ගැනීමක් විය හැකි යැයි අමරපුර නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
බම්බලපිටිය සිරි වජිරාරාමයට අයත් විවේකාශ්රමයක් වන මෙම ආරණ්‍ය සේනාසනයෙහි විදේශික භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ පසුබිමක් එහි නොතිබූ බව ද එහිමියන් පෙන්වා දෙති.
එහිමියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව ද අගමැතිවරයාගේ නියෝග මත විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පෙන්වා දෙන ආනන්ද නාහිමි දෙස් විදෙස් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටියි.