ඔන්ලයින් අපචාරවලින් ලංකාවේ පළමු තැන හෝමාගමට සහ කෝට්ටේට….!

July 30, 2021 at 10:55 am | by emanisa.lk

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි. එසේ ම මේ වසරේ මේ දක්වා පැමිණිලි 74ක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කම්හල් සේවය කරන පිරිස් වැඩි වශයෙන් සිටීම ඊට හේතු වන්නට ඇතැයි මහාචාර්යවරයා සැක පළ කරයි. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීම ද ඔන්ලයින් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *