ඇමැති සරත් අඬබෙර ගසා ළමා අපචාරකාරයින් අල්ලන මෙහෙයුමක් අරඹයි….!

July 27, 2021 at 2:29 pm | by emanisa.lk

මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමට ද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

විශේෂයෙන් බත්තලන්ගුණ්ඩුව, කල්පිටිය සහ තිරිකුණාමලය යන ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවාගෙන සිටින බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

වාරකන් හේතුවෙන් මේ දරුවන් ධීවර ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල රැඳී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද විපරමින් සිටින ලෙස පොලීසියට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *