ඒකාධිපතිවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය උසස්…! රසායනික පොහොර තහනම හකුළා ගැනීමෙන් එය තහවුරු වුණා…! – ලාල්කාන්ත…

November 27, 2021 at 8:06 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට ආණ්ඩුවේම පිරිස් මේ මොහොතේ කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

එය ද අවස්ථාවාදී දේශපාලන ක්‍රමයක් බව පැවසූ හෙතෙම, ජනතාව තුළ ආණ්ඩුව ගැන මතුව ඇති අප්‍රසාදය වසා ගනිමින් නැවත ප්‍රගතිශීලි දේශපාලනයට පැමිණීමට දරන වෑයමක් එමඟින් පෙන්නුම් කරන බවත් හෙතෙම කීවේය.

වරාය විකිණීම, ගුරු වැටුප් විෂමතා විසඳීම සහ රසායනික පොහොර තහනම වැනි ප්‍රධාන අරගල තුනක් මේ වන විට අරගලකරුවන් විසින් ජයග්‍රහණය කර ඇති බැවින් අධිපතිවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය උසස් බව පොදු ජනතාව පෙන්නුම් කර තිබෙන්නේ යැයි ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *