එස්.එෆ්. ලොක්කා මරලා දැම්මේ පෙම්වතිය සහ සැමියා ද? පොලිස් විමර්ශන වෙනත් දිශාවකට…..

August 14, 2020 at 9:32 am | by emanisa.lk

අනුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදු වී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවත් මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය බවටත් මේ වන විට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනුරාධපුර සිප්පිකුලමේ පිහිටි තැබෑරුමක් මිලදී ගැනීමට එස්.එෆ්. ලොක්කා දැඩි වෙහෙසක් ගෙන ඇති බවත් එම තැබෑරුම පරිපාලනය කර ඇත්තේ එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියගේ සැමියා බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

චූටි නැමැති එම පුද්ගලයා සමග හිතවත්කමක් ගොඩ නඟාගෙන ඇති එස්.එෆ්. ලොක්කා ඔහුව තමා වෙත නම්මවා ගෙන මත්කුඩු ජාවාරමට පොළඹවාගෙන ඇති බවත් පසුව ඔහුව මත්කුඩු සමග පොලීසියට හසුකර දී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

චූටි නැමැත්තා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ බිරිඳ තමා වෙත ගෙන්වා ගෙන පෙම්වතිය ලෙස තබා ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එස්.එෆ්. ලොක්කා සැලසුම් සහගතව බන්ධනාගාරයට යැවූ චූටි නැමැත්තා මේ වන විට ඇප මත නිදහස්ව සිටින බවත් පසුගිය කාලය පුරාම ඔහු එස්.එෆ්. ලොක්කාට බියෙන් සැඟවී සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *