එන මැතිවරණයට තරඟ කර ශ්‍රිලනිපය දිනවනවා…! – දහම්..

November 29, 2021 at 8:26 pm | by emanisa.lk

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට තමන් අපේක්ෂකයෝ ලෙස තරඟ වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

දහම් සිරිසේන මේ වන විට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස