මම ඉන්නේ මරණ අවදානම් ලැයිස්තුවේ ඉතා යටින්….! ඒ නිසා එන්නත් ඕන නෑ…! – අනුර….

February 19, 2021 at 11:44 pm | by emanisa.lk

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පළමු අරමුණ මරණ ප්‍රමාණය අඩු කර ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එවැනි මරණ අවදානමක් පිළිබඳ සැලකීමේ දී තමා සිටින්නේ ඉතා යටින් බව ද ජවිපෙ නායකයා සඳහන් කරයි.

වරප්‍රසාදිත අයට එන්නත ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව මෙන් ම අවවරප්‍රසාදිත අයට එවැනි හැකියාවක් නොමැති වීම සාධාරණ නැතැයි ද අනුර දිසානායක අවධාරණය කරයි.

කොරෝනා මර්දන උපදේශන කමිටුව යෝජනා කළ මාර්ගෝපදේශන මුළුමනින් ම ආණ්ඩුව උල්ලංඝනය කර ඇති බවත් මන්ත්‍රීවරුන් එන්නත ලබා දීමේ ලැයිස්තුවේ ඉහළට ම පැමිණ ඇති බවත් අනුර දිසානායක වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *