එදා කොවිඩ් එද්දී විසිර වූ පාර්ලිමේන්තුව කැඳවන්න කී අය අද පාර්ලිමේන්තුව වහන්න කියනවා…! – ගම්මන්පිල..

May 19, 2021 at 10:06 pm | by emanisa.lk

ප්‍රථම වතාවට කොවිඩ් වසංගතය ලංකාවට පැමිණෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබූ බව ඇමැති උදය ගම්මන්පිල පවසයි.

කොවිඩ් වසංගතය නිසා වහා ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස වර්තමාන විපක්ෂය එදා ඉල්ලා සිටි බව ද ඇමැතිවරයා සිහිපත් කරයි.

එදා විසිරුවා තිබූ පාර්ලිමේන්තු බලය විපක්ෂය සතු වුව ද අද එහි බලය ඇත්තේ තමන්ට බව ගම්මන්පිල ප්‍රකාශ කරයි.

විපක්ෂය කල්පනා කරන ආකාරයට බහුතරය තමන්ට අහිමි නම් පාර්ලිමේන්තුව කැඳවීම නුසුදුසු බව උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *