සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලය ඉල්ලූ වර්තමාන ආණ්ඩුව යටතේ දේශයේ මුරදේවතාවුන් වැනි වන්දනීය පූජණීය භික්ෂූන් වහන්සේ ලා සිව් නමක් ඝාතනය වී ඇතැයි විපකෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ ආකාරයට භික්ෂූන් වහන්සේ ලා ඝාතනය වන්නේ නම් එදා කී ජාතික ආරක්ෂාව කොහිදැයි හෙතෙම ප්‍රශ්න කළේ ය.
එක සිද්ධියක් නොව සිද්ධි ගණනාවක් සිදුව ඇති බවත් නායක භික්ෂූන් වහන්සේ ලා රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි විපක්ෂ නාවකවරයා ප්‍රශ්න කළේ ය.
අද (05) පාර්ලිමේන්තුවේ දී සිවිල් ආරක්ෂක ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔහු මේ බව විමසා සිටියේ ය.