එජාප නායකත්වය භාර ගන්න සූදානම්…! – හරීන්…

February 13, 2022 at 4:14 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලෙස දෙකට බෙදී ඇත්තේ එක ම කඳවුරේ පිරිසක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ වන විට සිය කඳවුරේ බලය හිමි සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය භාර ගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

දැනට එජාපයේ රැඳී සිටින ජ්‍යේෂ්ඨයින්ට කිහිප දෙනාට තනතුරු කිහිපයක් ලබා දී පක්ෂය සහ එහි නායකත්වය භාර ගැනීමට සජබයට හැකි බව හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

කෙසේ වුව ද එජාප සහ සජබ නායකයින් දෙදෙනා මේ පිළිබඳ කවර ස්ථාවරයක් දරන්නේ ද යන්න තමා නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *