එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්!

September 7, 2020 at 8:50 am | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

එම පක්‍ෂයේ 74 වැනි සංවත්සරයට එක් වෙමින් සිරිකොත පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ (06) මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා ගැනීම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්‍ෂේප කර සිටින නමුත් නව තත්ත්වය හමුවේ එම මන්ත‍්‍රී ධුරය රනිල් වික‍්‍රමසිංහට ලබා දීම වඩාත් සුදුසු බව තමන් පෞද්ගලිකව සිතන බවයි.

ව්‍යවස්ථාව පිළිබඳ රනිල් වික්‍රමසිංහට ගැඹුරින් කතා කළ හැකි බවත් 20 වන සංශෝධනය පිළිබඳ විවාදයට ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස