එජාප ආණ්ඩුව මහ බැංකුවෙන් හොරා කෑ මුදල් නැවත ආර්ථිකයට පොම්ප කරනවා! – සජිත්

July 6, 2020 at 12:28 am | by emanisa.lk

අගෝස්තු 05 වෙනිදා ආණ්ඩුවක් පිහිටුවා මේ රටේ ආර්ථිකයට මුදල් පොම්ප කරන වැඩසටහනක් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රාජගිරිය අඹගහ හන්දිය ප්‍රදේශයේ ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ලොව සියලුම රටවල් මෙම කාර්ය කරන බව ද ඔහු සඳහන් කළේය.

එසේම මහ බැංකුවෙන් හොරා කෑ මුදල් ටික ද නැවත ලබා ගෙන එම මුදල ද මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට පාවිච්චි කරන බව ඔහු සඳහන් කළේය.

මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ මහ බැංකු වංචාවක් නොවූ බවට ඇත්ත නැත්ත යනුවෙන් පොතක් ලියූ සූජීව සේනසිංහ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස