එක රටක් එක නීතියක් මේ රටේ නෑ! පාතාළේ මදූෂ්ට යුක්තිය ඉටු වුණේ නෑ! – හේෂා විතානගේ

October 20, 2020 at 11:00 am | by emanisa.lk

එක රටක් එක නීතියක් යන සංකල්පය වචනයට පමණක් සීමා වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

එහෙයින් මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉටු නොවන නැවතත් මහ පාරේ මැරුම් කෑමට සිදුවන යුගයක් උදා වී ඇතැයි ඔහු අවධාරණය කරයි.

කිසිවෙකු යම් සිදුවීම් ගණනාවකට සැකකරුවෙකු වුව ද ඔහුට නීතිය හමුවට යාමේ අයිතියක් ඇති බවත් මාකඳුරේ මදූෂ්ට ඒ අයිතිය නො ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා ලෝකය හමුවේ මේ රටේ නම කැළලට ලක්වන බව ද හේෂා විතානගේ සඳහන් කළේය.

අද උදෑසන (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *