එක මිටට කඩේ ගිහින් හැඳි මිටට හිරවෙන්න එපා…! සතුටු දැයක් හදන්න අපට එකතු වෙන්න…! – දිලිත්…

March 10, 2024 at 10:14 am | by emanisa.lk

ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බවත්, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නුදුරු අනාගතයේ ඉදිරිපත් කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විහාරමහාදේවි එළිමහන් වේදිකාවේ පැවති ලිය බල සමුළුව සඳහා එක්වෙමිනි.

“මේ දහස් ගණනක කාන්තාවන් අද මෙහි රැස්ව සිටින්නේ සම්ප්‍රදායික දේශපාලන රැස්වීමකට නොවෙයි. මේ රට ගොඩ ගත හැකියි කියන විශ්වාසයෙනුයි ඔබ මෙතනට පැමිණ සිටින්නේ. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නිතැතින්ම රැගෙන ආ ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සදාදරණිය මිතුරියන් ලෙසයි ඔබ මේ රැස් වී සිටින්නේ. ශ්‍රී ලාංකික කාන්තාව කවදද ගොඩ එන්නේ කියන දිනය දැනගන්නයි ඔබ ඇවිත් ඉන්නේ. අපිට අවශ්‍යයි ඒ පිළිබඳ ප්‍රතිඥාවක් ඔබට දෙන්න.

අපි විශ්වාස කරනවා ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බව. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නුදුරු අනාගතයේ අපි ඉදිරිපත් කරනවා. අපිට ඕන ඒ වැඩපිළිවෙළ තුළ ඔබට සහනාධාර දෙන්න නෙමෙයි. අපි ඔබට ප්‍රග්ධනයයි සපයන්නේ. ධනය, හැකියාව, ඔබේ විභවය මතු කරගෙන ව්‍යවසායකත්වය ඉහළ නැංවීමයි අපේ අරමුණ.

ඒ හරහා ඔබේ පසුපසින් ඔබට ශක්තියක් වෙමින් මේ ශ්‍රී ලාංකික කාන්තාව දිදුලන චරිතයක් බවට පත් කිරීමයි අපේ වෑයම. ඒ සඳහා ඔබ එක මිටට එකතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. මතක තබා ගන්න ඔබේ ඡන්දය තමයි ඉදිරි අනාගතායෙදී මේ රටේ වටිනාම දේ වෙන්නේ .

ඔබ කල්පනාකරලා බලලා තීරණය කරන්න ඔබේ දරුවටත් මේ රටේ නූපන් හෙට දවසේ උපදින දුවා දරුවන්ටත් කොයි විදියටද ඔබ යුතුකම් ඉටු කළ යුත්තේ කියලා. අන්න ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා හැඳි මිටට හිර නොවී එක මිටට කඩේ නොගොස් අපි එක්ක එක්ව මේ ගමන යමු කියලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *