එක්ස්ප්‍ර් පර්ල් ගිනි රකුසාට බිලි…! බහාලුම්වලින් 80%ක් විනාශයි…!

May 27, 2021 at 8:32 am | by emanisa.lk

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩු වී තිබුණ ද පසු පස කොටස දැඩි ලෙස ගිනි ගනිමින් පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්ත්වය හමුවේ නැව බේරා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන්වරයා සඳහන් කළේ ය.

නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *