අනතුරුම් ඇඟවීම් අදාළ නෑ….! මූද කිට්ටුව හිටියා නම් මාත් යනවා බඩු ඇහිඳින්න….! – මහින්ද පතිරණ…

May 26, 2021 at 10:18 pm | by emanisa.lk

මුහුද කිට්ටුව සිටියේ නම් තමන් ද නැවෙන් වැටෙන බඩු ඇහිඳීමට යන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

එසේ වූයේ නම් වෙරළට ගොස් නැවෙන් වැටෙන ඕනෑ ම කෙහෙම්මලක් ඇහිඳ ගන්නා බව ඔහු සඳහන් කරයි.

ගිනි ගෙන දැවෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් මුහුදට වැටී වෙරළට ගොඩ ගසන බඩු ජනතාව විසින් ඇහිඳීමට යාම පිළිබඳ අදහස් දක්වමින් මහින්ද පතිරණ මේ බව පවසා තිබේ.

කෙසේ වුව ද මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍යය බහාලුම් තොගයක් ද ප්‍රවාහනය කරමින් තිබූ බැවින් වෙරළට ගොඩ ගසන ද්‍රව්‍යය ඇල්ලීමෙන් වළකින ලෙස රජය මේ වන විටත් ජනතාවට අවවාද කර තිබේ.

එම අවවාද නොපිළිගෙන භාණ්ඩ නිවෙස්වලට රැගෙන ගිය පුද්ගලයන් සොයා වීඩියෝ දර්ශන පදනම් කරගෙන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *