නැවේ බඩු ඉස්සු අයට වැඩ වරදී….! වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශන ඇරඹේ….!

May 26, 2021 at 7:40 pm | by emanisa.lk

ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ද මේ වන විටත් ලැබී ඇති අතර නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතය.

මේ අතර නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි හැකියාවක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි මේ වන විට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇත.

විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *