“උඹලගේ දළදා මාළිගාව කුඩු කරනවා..”යි 119ට ඇමතුමක්…! පාස්පෝට් තුනක් සමග සැකකරු අත්අඩංගුවට……!

January 7, 2021 at 12:43 pm | by emanisa.lk

මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩුකර දමන බව කියමින් පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙහිවල කල්දේරා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පෙරේදා (05) රාත්‍රි අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවුරුදු 51 ක් පමණ වයසැති මුස්ලිම් ජාතිකයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වසර 04 ක පමණ කාලයක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයකු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරුගේ පියා විශ්‍රාමික වෛද්‍යවරයකු වන අතර ඔහුගේ සහෝදරයන් දෙදෙනකුගෙන් එක් අයකු මැදපෙරදිග රටක වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින අතර අනෙක් සහෝදරයා තවත් මැද පෙරදිග රටක ගණකාධිකාරිවරයෙකු බවද පොලිසිය පවසයි.

සැකකරු කිසියම් රෝගී තත්වයකට වසර 20 ක පමණ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බව කියමින් ඔහුගේ මව වෛද්‍ය ප්‍රතිකාර සටහන් පොතක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

‘උඹලාගේ දළදා මාලිගාව කුඩු කරනවා’ යැයි කියමින් ඇමතුම දුන් පුද්ගලයා එම දුරකථන අංකය ඔස්සේ පරික්ෂණය කර එ දින ම රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් නමින් ඇති විදෙස් ගමන් බලපත්‍ර 03 ක් සහ ජංගම දුරකථන දෙකක් ද සැකකරු පදිංචිව සිටි නිවසේ තිබී පොලිස් බාරයට ගෙන ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස