උමා ඔයේ ගෞරවය ජවිපෙටත් හිමියි..! කැබිනට් අනුමැතිය ගත්තේ ඇමැති අනුර…! – මහින්ද….

February 12, 2024 at 4:33 pm | by emanisa.lk

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 2005 ජනවාරි මස සිය ආණ්ඩුව යටතේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තේ කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස අනුර දිසානායක බවයි.

එහෙයින් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවයි, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම ඉන් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ අදාළ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහ පොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *