උමා ඔය ව්‍යාපෘතිය විවෘත වෙයි..! මෙ.වො. 120ක් ජාතික පද්ධතියට…! මසකට ගල් අඟුරු නැව් තුනක ඩොලර් ඉතිරියි..!

March 4, 2023 at 6:54 pm | by emanisa.lk

උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ වැඩකටයුතු 97%ක් මේ වන විට අවසන් බව වාරිමාර්ග සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එමගින් එළඹෙන ජුනි මස වන විට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු වන අතර ඒ සමග ම මාසයකට මිලට ගත් ගල් අඟුරු නැව් තුනක් නවතාලිය හැකිය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් මොනරාල සහ බදුල්ල දිස්ත්‍රික්කවල පානීය ජල ප්‍රශ්නයට ද විසඳුම් ලැබෙයි.

2008 වසරේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය ඉරාන රජයේ ආධාර යටතේ ඉදිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *