උමා ඔය ව්‍යාපෘතිය අවුරුදු 08ක් පමා කළේ ජවිපෙ කුහකයෝ…!

January 26, 2024 at 11:03 am | by emanisa.lk

උමා ඔය විදුලි පද්ධතිය ලබන මාසයේ දී ජාතික පද්ධතියට එක් කරන බවත් මීට වසර හත අටකට පෙර පද්ධතියට එකතුවීමට තිබූ එයට දැඩි බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“අපි මෙය දකුණට ගේන්න උත්සහ කරපු ව්‍යාපෘතිවල ප්‍රතිඵල තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කුහක දේශපාලනය ආරම්භ කරන්නේ මෙතනින්. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා මේ ගමට ලැබෙන ප්‍රතිපාදන කුමන හෝ ක්‍රමයකින් වළක්වා ගන්න. එය වැළකුනොත් තමයි ගමේ විඳවන මනුස්සයෙක් හදන්න පුළුවන් වෙන්නේ.

විඳවන මිනිසෙක් ගම තුළ හැදුවිට ඒ විඳවන මනුෂ්‍යයා වෛරි දේශපාලනය කරලා ඒ වෛරී දේශපාලනය තුළින් මේ බලය හුවමාරු කිරීමටත්, රට අරාජික කිරීමටත් ඔවුන් එදා ඉඳන් කරපු කාරණාවක්. රටක් විදිහට, ජාතියක් විදිහට අනාගතයක් විදිහට සැලසුම් හදන හැම නායකයෙකුටම ගෙනාවේ මේ ක්‍රමවේදයයි.

ඒ නිසා මේ වතාවේ සමාජජාලා පාවිච්චි කරමින් බොරුව ජනගත කරමින් අද විවිධ මතවාද හදමින් උත්සාහ කරනවා මේ ව්‍යාපෘති නැවත්වීමට යම් යම් දේවල් පාවිච්චි කරමින්. උමා ඔය විදුලි ව්‍යාපෘතිය අපි එය ලබන මාසේ ජාතික පද්ධතියට එකතු කරගන්නවා. හැබැයි මෙය දැනට අවුරුදු හත අටකට උඩදී එන්න තිබුණු ව්‍යාපෘතියක්. උමා ඔය ව්‍යාපෘතිය දැඩිවම නවත්වන්න බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *