උමා ඔයේ හිලෙන් රටට ආලෝකය…! මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට…!

December 13, 2022 at 2:08 pm | by emanisa.lk

උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම ව්‍යාපෘතියෙන් ලබන ජුනි මස සිට පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

උමා ඔයේ බැම්මේ හිලක් ඇති බවට සහ එය රටට සිදුකළ මහා විනාශයක් බවට එකල ජවිපෙ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න දැඩි ලෙස චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *