උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපන අයවැය යෝජනාවත් බොරුවක්! නියෝජිතයෝ තවම ගිනිපොලී එකතු කරන්න එනවාලු!

July 3, 2019 at 12:43 pm | by emanisa.lk

උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොලිය මුදල් අමාත්‍යංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබුණද තවමත් එම ආයතන සාමාන්‍ය ජනතාවගෙන් පොලී මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගෙන් ණය ලබාගත් පිරිසෙන් ණය මුදල් වෙනුවෙන් අයකරන අධික පොලී මුදල දරා ගත නොහැකිව මේ වන විට කාන්තාවන් 16 දෙනෙකු සියදිවි හානිකර ගෙන ඇති අතර ණය මුදල් ලබාගෙන පවුල් ආරවුල් වී කාන්තාවන් 65 දෙනෙකු දික්කසාද වී ඇති බවට වාර්තා වී ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1596ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1580ක්ද, මන්නාරම් දිස්ත්‍රීක්කයෙන් කාන්තාවන් 458ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවන් 670 ක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1343 ක්ද විවිධ ක්ෂ්‍රද්‍ර මූල්‍ය ණය ආයතන මගින් ණය ලබා ගෙන ඇත. එම ආයතනවල නියෝජිතයන් තවමත් පොලී මුදල් ඉල්ලමින් නිවෙස්වලට පැමිණීම නිසා ජනතාව මහත් සේ අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවද මෙම ක්ෂුද්‍ර ණය කපා දැමීම සඳහා 2019 අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස