බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් සඳුදා ඇරඹයි!!

November 19, 2020 at 3:40 pm | by emanisa.lk

බස්නාහිර පළාතේ සහ මේ වන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල් 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මේ මස 23 වෙනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් පවසයි.

“නොවැම්බර් මස 23 වෙනිදා බස්නාහිර පළාතේ පිහිටි පාසැල් තෙවන පාසැල් වාරය සඳහා විවෘත කිරීම සිදුකරන්නේ නැහැ. ඒ වගේ ම පිට පළාත්වල සිසුන්ට බස්නාහිර පළාතේ පාසැල්වලට ඒමට අවසර හිමිවන්නේත් නැහැ.

බස්නාහිර පළාතෙන් පිට සෙසු දිස්ත්‍රික්කවල මේ වන විට හුදෙකලා කොට ඇති ප්‍රදේශයක් වේ නම් ඒ ප්‍රදේශවල පාසැල් 23 වෙනිදා විවෘත කෙරෙන්නේ නැහැ.

ඒ අනුව අනෙක් ප්‍රදේශවල පිහිටි සියලුම පාසැල් 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මේ මස 23 වෙනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස