උණුසුම නිවෙන්නත් පෙර විමල් යළි කඳවුරු බඳී..! පක්ෂ 12ක් නිවසට කැඳවා සාකච්ඡා..!

February 11, 2021 at 6:38 pm | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් ඒ සඳහා සහභාගි වී සිටියි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හමුවට සහභාගි වන උදය ගම්මන්පිල සඳහන් කළේය.

මෙම පක්ෂ නායක හමුව වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක්ම පැවති බවත් ඉන්පසුව එක්වීමක් සිදු නොවූ නිසා මෙසේ රැස්වන බවද ඔහු කීය.

මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් ඒකරාශී වී වෙන ම කණ්ඩායමක් ගොඩනඟන පසුබිමක එදින ම මෙම හමුව සිදුවීම සුවිශේෂ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *