නැඟෙනහිර ජැටිය රකින්න ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක සන්ධානයක්….! වාසු, ගම්මන්පිල, ගෙවිඳු, තිස්ස විමල්ගේ ගෙදර කඳවුරු බඳී…!

January 30, 2021 at 9:08 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ.

ඒ අමාත්‍ය විමල් වීරවංශගේ කොළඔ නිල නිවසේ දී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය කිසිදු ආකාරයක ආයෝජනයක් සඳහා ලබා නොදිය යුතු යන ස්ථාවරයේ තමන් සිටින බවත් රට හමුවේ ඇති අභියෝග හමුවේ ඉදිරියට ද සන්ධානයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව ද ඔවුහු අවධාරණය කළහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂය ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය සජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එකතු විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස