උඩ ගිය ලූනු මිල පහළට… ටොන් 6000ක් තොග රටට..!

March 27, 2024 at 7:34 pm | by emanisa.lk

ලොකු ලූනු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වන විට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඊට අමතරව තවත් ලොකු ලූනු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි.

ඒ අනුව ජනතාවට ලොකු ලූනු හිඟයකින් තොරව ලබා ගත හැකි බවත් ලූනු කිලෝවක් රු. 375 – 400 තොග මිලකට අළෙවි කිරීමට බලපොරොත්තු වන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

ඉන්දියාව සහ පාකිස්ථානය ලූනු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ ලොකු ලූනුවල හිඟයක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *