සතොස සුදු ලූනු වංචාවට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට….!

October 6, 2021 at 6:06 pm | by emanisa.lk

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාවට අදාළ සුදුලූනු තොගය මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අඩු මිලට සතොසින් මිලයට ගත් සුදු ලූනු තොගය මොහු යළිත් වැඩි මුදලකට සතොසට ආයතනයට අලෙවි කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙට (7) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සුදු ලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මුලින්ම පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර පසුව එය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *