ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ යැයි රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය හැකි පුද්ගලයෙකු නිර්මාණය නොවන බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.
පාර්ලිමේන්තුවේ 225ක් සිටිය ද ඉන් 224ක් අභියෝගය භාර නොගත් බවත් එය භාරගත් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් හෙතෙම පෙන්වා දෙයි.
එහෙයින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් සජිත් ප්‍රේමදාස ඒ සඳහා ඉදිරිපත් වන නිසා ගුත්තිල මූසිල සටන එහි දී බලාගත හැකි වනු ඇති බවත් රංගෙබණ්ඩාර සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයට පසු යාල වනාන්තරයෙන් අල්ලා ගත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරණයට පසු කොංගො වනාන්තරයෙන්වත් සොයාගත හැකි වනු ඇති ද යන ගැටලුව ඇතැයි ද එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස කිසිදු දිනක අභියෝග භාර නොගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කළ අවස්ථාවේ අගමැති ධූරය භාරගත්තේ නම් මේ වන විට ඔහු රටේ ජනාධිපතිවරයා බවත් පාලිත රංගෙබණ්ඩාර අවධාරණය කළේය.