ඊළඟ ආණ්ඩුව හදන්නේ මාලිමාව කියලා IMF එකත් පිළිගත්තා…! – ටිල්වින් සිල්වා…

January 21, 2024 at 6:03 pm | by emanisa.lk

බොහෝ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගය බලයට පත්වන බව අවබෝධ කරගෙන ඇතැයි එහි ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගය සමග සාකච්ඡා කිරීම පිළිබඳ සමගි ජන බලවේගය වේදනාවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම පක්ෂය සමග සාකච්ඡා කිරීමෙන් තහවුරු වන්නේ ඔවුන් පවා සිය පක්ෂය ඉදිරි මැතිවරණයේ දී බලයට පත්වන බව අවබෝධ කර ගෙන තිබීම බවයි, ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ.

රටේ ආර්ථික තත්ත්වය සහ බදු ඉහළ නැංවීම නිසා ජනතාවට මුහුණපෑමට සිදුව ඇති බලපෑම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ බව ද ටිල්වින් සිල්වා කීය.

පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *