ඊළඟ අරගලේ පටන් ගන්නේ බඩගින්න දරා ගන්න බැරි මිනිස්සු..! – මරික්කාර්…

September 6, 2022 at 7:09 am | by emanisa.lk

ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා හෙයින් එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අවධාරණය කරයි.

මේ වන විට ජනාධිපතිගේ සහ ඔලමොට්ටල ඇමතිවරුන්ගේ නහර රබර් වී තිබෙන හෙයින් ඒවා ලේ ටිකක් යන ලෙස හදා ගන්නා ලෙසයි, මන්ත්‍රීවරයා උපදෙස් දුන්නේ.

ජනතාවගේ ගැටළු හඳුනාගෙන සාධනීය පියවරක් නොගතහොත් අනාගතය ඉතා බරපතල තැනකට පත්වෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

විදුලිය සහ ජලය සඳහා නිෂ්පාදන මිල වැඩි නම් එය ඉහළ ආදායම ලබන තැනැත්තන්ගෙන් අයකරනවා මිස පහළ ආදායම් ලබන ජනතාවගෙන් එය අයකිරීම ගැන එකඟවිය නොහැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *