ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක් .. ! ආරක්ෂ ඇමැති SF…! කට්ටියට ලේසි වෙන්නේ නෑ…! – මරික්කාර්..

December 11, 2021 at 4:38 am | by emanisa.lk

ඊළඟට බලයට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා ඊයේ (10) පැවැති අයවැය විවාදයේ දී අවධාරණය කළේ එම ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති සරත් ෆොන්සේකා බවයි.

ප්‍රේමදාස ආණ්ඩුව ලෙහෙසි නොවන බවත් තමන් ණයත් නැති බයත් නැති බවත් මරික්කාර් කියයි.

ප්‍රේමදාස ආණ්ඩුවක් යනු ටයර් උඩ මිනී පිච්චෙන යුගයක් දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රේමදාස ආණ්ඩුවක් කී විට අවශ්‍ය අයකුට අවශ්‍ය ආකාරයට එය අර්ථ ගන්වා ගත හැකි බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස