ඉහළ නියෝගයකින් කොවිඩ් සිරුර ආදාහනාගාරයෙන් එළියට අදී….! ප්‍රභූ සිරුර ආදාහනය කරන තුරු කොවිඩ් දේහය ගිලන් රථයට…!

June 14, 2021 at 7:49 am | by emanisa.lk

ආදාහනාගාර තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදිත මළ සිරුර ඉහළ ආ නියෝගයකින් පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළ සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ.

කොවිඩ් වෛරසය ආසාධිතව මතුගම ගල්මත්ත නිවසක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 93 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුර ආදාහනය සඳහා මතුගම රෝහලට අයත් ගිලන් රථයකින් පාන්තිය ආදාහනාගාරය වෙත සෞඛ්‍ය අංශ විසින් රැගෙන එන ලදි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයන් විසින් රැගෙන ආ එම මළසිරුර ආදාහන කටයුතු සඳහා ආදාහන කුටියේ තැන්පත් කර මද වේලාවකට පසු මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල්‍ය රථයකින් තවත් මළ සිරුරක් රැගෙන ආදාහනාගාර ඉදිරිපිටට පැමිණ තිබේ.

ආදාහනාගාරයෙන් තැන්පත් කර තිබූ 93 හැවිරිදි මවගේ කොවිඩ් ආසාදිත මළ සිරුර ඉහළ නිලධාරියකුගේ නියෝගයකින් නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවිය. ඉහළින් ආ නියෝගය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී තිබූ බව සෞඛ්‍ය සේවකයෝ පවසති

පැය දෙකකට අධික කාලයක් කොවිඩ් ආසාදිත මළසිරුර ගිලන් රථයේ තැන්පත් කර තිබූ බැවින් විසබීජ නාශක දියර ඉසීමෙන් අනතුරුව අවම වශයෙන් තවත් පැයක් හමාරක් ගිලන් රථය නවතා තිබිය යුතු යැයි සෞඛ්‍ය සේවකයෝ පවසති.

පැය දෙකකට අධික කාලයක් ගිලන් රථයේ මෘතදේහයක් තබා තිබීමෙන් තවත් රෝගීයකුගේ ජීවිතයක් බේරා ගැනීමට ගිලන් රථය යොදා ගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී යන්නට තිබූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ සෞඛ්‍ය සේවකයෝ පවසති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *