අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂූ බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය බලහත්කාරයෙන් ඇතුළු වී එහි විරෝධතාවක නිරත වූහ.
පොලිසිය පැමිණ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 50කට අධික භික්ෂූන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
ඒ සමග ම ඉතිරි පිරිස වසා තිබුණු ඉසුරුපාය අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ප්‍රධාන ගේට්ටුව උඩින් පළා ගිය අතර එක් භික්ෂුවකගේ සිවුර ද එහි පැටලී තිබිණි.