රෝහලට ලක්ෂයක් ගියහොත් ඒ සියලු දෙනා නැවත යහතින් නොපැමිනෙණ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, සෑම රෝහලක් ම ඉදිරියේ මල් ශාලා ඇත්තේ ඒ නිසා බවයි.
යථාර්ථය එය බවත් කිසිවෙකුට සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීමට උවමනා නම් එය වෙනම කතාවක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
මහනුවර රෝහලේ මිය ගිය දැරියට ලබා දුන් එන්නත 2003 වසරේ සිට ලංකාවට ගෙන එන බවත් එම එන්නත ලබා දුන් තවත් ළමුන් 12 දෙනෙකු ඒ අවස්ථාවේ ද එම දැරිය සමග වාට්ටුවේ සිටි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.