ඉල්ලා අස්වන්න බලපෑම් නෑ…! ඉල්ලා අස්වන්නෙත් නෑ…! – අගමැති…

February 26, 2023 at 3:10 pm | by emanisa.lk

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නැතැයි ද ඔහු අවධාරණය කළේය.

තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බවත් මෙම ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් දිනේෂ් ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *